Home Hit වැලිකඩ සිරකරු උපවාසය සමඟ අඟුණකොළපැලැස්ස සහ බූස්සත් නොසන්සුන්

වැලිකඩ සිරකරු උපවාසය සමඟ අඟුණකොළපැලැස්ස සහ බූස්සත් නොසන්සුන්

285

රෝයල් පාර්ක් ඝාතකයාට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු එහි වහළ මත නැඟී උපවාසයක් ආරම්භ කිරීමත් සමඟ අඟුණකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවලද නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වනවා.

වැලිකඩ බන්ධනාගාරයේ ‘එල්‘ ශාලාවේ සිරකරුවන් පිරිසක් ඊට සහය පලකරමින් සිර මැදිරියෙන් පිටතට පැමිණ අද පෙරවරුවේ සිට ආහාර වර්ජනයක යෙදී සිටින බවද සඳහන්.

එසේම චැපල් ශාලාවේ ඒ – 3, බී – 3 සහ සී – 3 ශාලාවල රඳවා සිටින මරණ දඩුවම නියම වූ සිරකරුවන් පිරිසක් වහල මත සිටින සිරකරුවන්ට සහය දක්වන්නට පටන් ගෙන ඇතැයිද වාර්තා වේ.

ඒ, තම ආහර වර්ජනය කරමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here