Home World ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉස්ලාමීය ජිහාද් ප්‍රබලයකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉස්ලාමීය ජිහාද් ප්‍රබලයකු මරුට

343

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන සංවිධානයක් වන ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ ප්‍රබල නායකයකු මියගොස් තිබෙනවා.

අද දින ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් 42 හැවිරිදි බහා එල්-අටා නම් ඉස්ලාමීය ජිහාද් ප්‍රබලයා මෙසේ මියගියා.

මොහුව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය අද නිවේදනය කළ අතර ඉන් ස්වල්ප වෙලාවකට පසු ඔහුගේ මරණය ඉස්ලාමීය ජිහාද් සංවිධානය විසින් සනාථ කෙරුණා.

ඔහු සමග ඔහුගේ බිරිඳ ද මියගිය බවයි වාර්තා වන්නේ.

හමාස් සංවිධානයෙන් ස්වායත්තව ක්‍රියාත්මක ඉස්ලාමීය ජිහාද් සංවිධානය ද ඉරානයේ සහය ලබන්නක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here