Home World බොලිවියා ජනාධිපති ඉල්ලා අස්වෙයි

බොලිවියා ජනාධිපති ඉල්ලා අස්වෙයි

342

බොලිවියාවේ ජනාධිපති ඊවෝ මොරලෙස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදා පැවැති බොලිවියානු ජනාධිපතිවරණයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ ජනතාවගෙන් ඉල්ලවූ දැඩි විරෝධයයි.

ඒ අනුව රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඊවෝ මොරලෙස් කියා සිටියේ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බැවින් උද්ඝෝෂණ නවතා සාමකාමීව සිටින ලෙසයි.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ එරට උප ජනාධිපතිවරයා සහ සෙනට් සභාවේ සභාපතිවරයාද සිය ධුරවලින් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here