Home Hit ඌව වෙල්ලස්සේ නවක වධය දුන් 11ක් අත්අඩංගුවට

ඌව වෙල්ලස්සේ නවක වධය දුන් 11ක් අත්අඩංගුවට

373

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට මාස 5ක පමණ කාලයක සිට අමානුෂික ලෙස නවක වධය ලබාදුන්නේ යැයි කියන සිද්ධියකට සැකපිට එම විශ්වවිද්‍යාලයේම තුන්වන වසරේ සිසුන් 10 දෙනකු අද (11) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසනවා.

නේවාසිකාගාරවලින් එළියට රැගෙන ගොස් සහ ආපනශාලාව ඇතුළු ස්ථාන කිහිපයකදී පහරදී වධ හිංසා සිදුකළ බවට සිසුන් 04 දෙනෙකු කරන ලද පැමිණිලි අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

පහරදීම් නිසා තුවා ලැබූ සිසුන් බදුල්ල මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර සිසුන් දෙදෙනෙක් තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here