Home Hit මනාපය නිවැරැදිව සලකුණු නොකළොත් ඒ වෙනුවට අලුත් ඡන්ද පත්‍රිකා නෑ –...

මනාපය නිවැරැදිව සලකුණු නොකළොත් ඒ වෙනුවට අලුත් ඡන්ද පත්‍රිකා නෑ – මැතිවර කොමිසම

290

තමාට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ නිවැරැදිව සිය මනාපය සලකුණු කිරීමට නොහැකි වූ ඡන්දදායකයන්ට අලුතෙන් ඡන්ද පත්‍රිකාවක් ලබා නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

දේශප්‍රිය මහතා ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය මනාපය සලකුණු කිරීමේදී විශේෂ සැලකිල්ලකින් එය සිදුකරන ලෙසයි.

යම් හෙයකින් අනවධානය හේතුවෙන් කිසියම් ඡන්ද පත්‍රිකාවක් භාවිත කිරීමට නොහැකි වුවහොත් පමණක් ඒ වෙනුවට අලුත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයාට බලය ඇති බවයි මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here