Home Hit පඩි නොගෙන වැඩ කරන්න හරින්ගෙන් සජිත්ට දිවුරුම් පෙත්සමක්

පඩි නොගෙන වැඩ කරන්න හරින්ගෙන් සජිත්ට දිවුරුම් පෙත්සමක්

882

එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිවුරුම් පෙත්සමක් බාර ගන්නා බව වාර්තා වෙනවා . ඒ දිවුරුම් පෙත්සමට අනුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහත දැක්වෙන කාරණා සම්භන්ධයෙන් දිවුරුම් පෙත්සමකට අත්සන් තැබිය යුතු බව සදහන්ය .

• වසර දෙකක කාලයක් යනතුරු ඇමති වැටුපක් හෝ මන්ත්‍රී වැටුපක් නොලබමින්, මහජන සුභසිද්ධිය උදෙසා එය රාජ්‍ය භාණ්ඩාගාරය වෙත කැප කළ යුතුයි.

• වසර දෙකක කාලයක් සඳහා අලුතෙන් කිසිඳු වාහන බලපත්‍රයක් ලබාගැනීම හෝ ගෙන්වීම නොකළ යුතුයි.

• පක්ෂයේ ප්‍රතිපත්ති සහ කැබිනට් මණ්ඩළයේ ප්‍රතිපත්ති සමඟ තමනට ඉදිරි ගමනක් නොමැති වූ විට ; පක්ෂයෙන් හෝ දරන සියලු තනතුරු වලින් ඉල්ලා අස් විය යුතුයි.

• කිසිඳු අයුරකින් ජනතා මනාපය හෑල්ලු කරමින් පක්ෂ මාරු නොකළ යුතුයි.

• ආගමික සහ ජනවාර්ගික ගැටුම් ඇතිවන ආකාරයේ ක්‍රියාවන්ට සම්භන්ධ වීම හෝ අනුබල දීම සිදු නොකිරිය යුතුයි.

• ඉහත කොන්දේසි එකක් හෝ කඩකළ විට, ඔහු සම්භන්ධයෙන් නෛතික රාමුවක් තුළ මහජනතාව පිරිනැමී ඇති නඩු පැවරීමේ අයිතියට හිස නමා ගරු කළ යුතුයි.

මෙහි සඳහන් කොන්දේසි වලට එකඟ වෙමින් මුල්ම දිවුරුම් පෙත්සම අද දිනයේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අත්සන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත බාර දෙන ලදී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here