Home Hit සජිත්ට ඇති ජනතා ඉල්ලුම දෙගුණ වී ඇති බව නවීන් කියයි

සජිත්ට ඇති ජනතා ඉල්ලුම දෙගුණ වී ඇති බව නවීන් කියයි

482

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට රට තුළ නිර්මාණය වී ඇති ඉල්ලුම දෙගුණ වී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා.

නවින් දිසානායක මහතා ඒ බව කියා සිටියේ අද (09) මස්කෙලිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නවීන් දිසානායක මහතා සඳහන් කර සිටියේ,

“අපේ රටේ අස්සක් මුල්ලක් නෑරම අපි ගිහිල්ලා තියෙනවා. මම හරියටම සතියක් උතුරුමැද පළාතේ හිටියා. මහවැලි ගම්මාන වෙත ගියා. සජිත් ප්‍රේමදාස මහතා ගැන තියෙන ඉල්ලුම දෙගුණ වෙලා.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කර දෙන්න කියලා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.
සමහර දිස්ත්‍රික්කවල අපිට අවාසි වෙන්න පුළුවන්. හැම දිස්ත්‍රික්කයක්ම අපිට දිනන්න බැහැ. විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර, මාතලේ, උතුරු-නැගෙනහිර අපි දිනන්නේ බුරුතු පිටින්.
එක්සත් ජතික පක්ෂයේ කුල – ආගම් කිසිම භේදයක් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය දිනවන්න පුළුවන් හොදම අපෙක්ෂකයා ඉදිරිපත් කරලා තියෙනවා” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here