Home Hit රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව?

රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව?

513

රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී තරුණියක ඝාතනය කර, මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපත සමාව ලබාදීමට නියමත බව වාර්තා වනවා.

ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වන ලිපිය මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

2005 වසරේදී සිදුවූ මෙම ඝාතනය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක්.

පසුගිය දා ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ඝාතනයට වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා මේ වන විට ආචාර්ය උපාධියක්ද සම්පූර්ණ කර ඇති බැවින් ඔහුට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳ තමා සලකා බලන බවයි.

ඒ අනුව නුදුරේදීම ඔහුට ජනාධිපති සමාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here