Home Hit මනම්පිටියේ පොහොට්ටු වේදිකාවට වසන්ත එන විට ගෝඨා ආවේගශීලී වෙයි

මනම්පිටියේ පොහොට්ටු වේදිකාවට වසන්ත එන විට ගෝඨා ආවේගශීලී වෙයි

1572

මනම්පිටිය ප්‍රදේශයේ අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලියට, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැමිණීමත් සමඟ රැලිය අමතමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා අවේගශීලී ස්වරූපයෙන් යම් ප්‍රකාශයක් සිදුකරන අයුරු දැකගත හැකි විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්ව සිටි පිරිස අමතද්දී අනපේක්ෂිත ලෙස එහි පැමිණි වසන්ත සේනානායක මහතා ජනතාවගේ උණුසුම් පිළිගැනීම මධ්‍යයේ වේදිකාවට පැමිණෙනු දුටු ගෝඨාභය රාජපක්ෂ මහතා අවේගශීලී ස්වරූපයෙන් ”මගේ කතාව අස්සේ ඇයි එයාව ගෙන්නුවේ…?” යනුවෙන් ජන හමුව සංවිධායකවරුන්ගෙන් විමසා සිටියේය.

(එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්)

මෙම අවස්ථාව ඉවත් කොට ටී.වී. දෙරණ රූපවාහිනිය එය පළ කර තිබූ අයුරු පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here