Home Local ”බය නැත්නම් 13ට කලින් විවාදයකට එන්න” – සජින් වාස්ගෙන් නාමල්ට අභියෝගයක්

”බය නැත්නම් 13ට කලින් විවාදයකට එන්න” – සජින් වාස්ගෙන් නාමල්ට අභියෝගයක්

890

2010 – 2015 රාජ්‍ය පාලනයේ දූෂණය පිළිබඳව කථා කිරීමට තමන් සූදානම් බවත් තමන් දන්නා සියලු දේ කියන බවත් හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පවසනවා.

අම්බලන්තොට ජන හමුවකදීයි ඔහු මේ බව පැවසුවේ.

එසේම තමන් සමග විවාදයකට එන ලෙසත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අභියෝගයක් ද එල්ල කළා.

“මම ලෑස්තියි 2010 – 2015 කාල වකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දේෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ. රෝහිත අබේගුණවර්ධන, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ එන්න මාත් එක්ක (විවාදයකට) අපේ විෂය තමයි 2010 – 2015 දූෂණය, එන්න ඒ ගැන කථා කරමු. හැබැයි මේක වෙන්නේ ඕන 13 වෙනිදාට ඉස්සෙල්ලා. අපි බලමු කවුද කලිසම් නැතිව යන්නේ කියලා. දන්න සියලු දේ කියනවා. බය නැත්නම් එන්න. ” යනුවෙන් ඔහු මෙහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here