Home Hit දක්ෂිණ අධිවේගයට සල්ලි ගෙවන්න එපා-ලක්ෂ්මන් යාපා

දක්ෂිණ අධිවේගයට සල්ලි ගෙවන්න එපා-ලක්ෂ්මන් යාපා

710

ආණ්ඩුව විසින් කඩිමුඩියේ විවෘතකළ අධිවේගී මාර්ග කොටස්වල රථ වාහන ධාවනයේදී මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. කොළඹදී අද(08) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන්කළේ එම මාර්ග කිසිවක් මේදක්වා විධිමත් පරිදි සකස්කර නොමැති බවයි.

මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ, මාර්ග ආඥා පනත සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින්, මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර ඇති බවයි.

එනිසා දක්ෂිණ අධිවේගී මාර්ගයට මුදල් නොගෙවන බවට තමා ජනතාවට කියන බවද සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, මෙය මුදල් ලබා ගැනීමට ගැසට් කර නොමැති බවත් පැවසීය.

මෙය ප්‍රධාන පාරක් ලෙස හේ ගැසට් කර නොමැති බව පැවසු ඒ මහතා, එහෙයින් ආපදාවක් සිදුවු විට වන්දි ලබා ගත නොහැකි බවත් කියා සිටියේය.

එක් කොටසක් නාය ගොස් ඇති මෙවන් අවධානම් මොහොතක ජනතාවට මෙම මාර්ගය විවෘත කර ඇතැයි පැවසු අබේවර්ධන මහතා , ජනාධිපතිවරයෙක් පත්වන බව විශ්වාසයි නම් කලබලේට මාර්ග විවෘත කිරීමට අවශ්‍ය නොමැති බවත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here