Home Hit ජනාධිපති වූ වහාම අත්අඩංගුවේ සිටින සෙබළුන් නිදහස් කිරීම මානව හිමිකම් කඩකිරීමක්...

ජනාධිපති වූ වහාම අත්අඩංගුවේ සිටින සෙබළුන් නිදහස් කිරීම මානව හිමිකම් කඩකිරීමක් – සන්ධ්‍යා එක්නැළිගොඩ (VIDEO)

312

පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර පැවති ජන රැළියකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මේ වන විට අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසිනුයි.

2019-10-09 වන දින අනුරාධපුර පැවැති ජන රැලියකදී නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන් 16 වනදා ජනාධිපති වූ වහා ඊට පසු දිනම මේ වන විට අත්අඩංගුවේ සිටින සියලුම හමුදා නිලධාරීන්ව නිදහස් කරන බව පැවසුවා.

එලෙස පැවසීමෙන් මේ වන විට අත්අඩංගුවේ පසුවන නිලධාරීන්ගේ නඩුවලට සම්බන්ධ වින්දිතයින්ගේ මානව හිමිකම් කඩවන බව පවසමිනුයි එක්නැළිගොඩ මහත්මිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here