Home Hit පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් 11 වැනිදා

පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් 11 වැනිදා

326


ස්ථාවර නියෝග 16 යටතේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන නොවැම්බර් 11 වැනිදා පෙරවරු 11.30 සි‍ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබූවා.

පාර්ලිමේන්තුව අද දිනයේ පැවැත්වීමෙන් පසු දෙසැම්බර් 03 වැනිදා දක්වා කල්තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව මීට පෙරදී තීන්දු තිබුණද, ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනත් කෙටුම්පත වහා විවාදයට ගතයුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here