Home Hit තීරණාත්මක මොහොතේ සංකීර්ණ දේශපාලන තීන්දුවක් ගන්න – චන්ද්‍රිකා ඉල්ලයි

තීරණාත්මක මොහොතේ සංකීර්ණ දේශපාලන තීන්දුවක් ගන්න – චන්ද්‍රිකා ඉල්ලයි

373

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන්, මේ තීරණාත්මක අවස්ථාවේ සංකීර්ණ දේශපාලන තීන්දුවක් ගතයුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය උදෙසා මේ මොහොතේ සියයට සියයක් නිවැරැදි නොවන දේශපාලන තීන්දුවකට යායුතුව ඇති බවයි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දෙන්නේ.

පසුගිය වසර හතරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානියක් නොවූ බව සඳහන් කරන හිටපු ජනාධිපතිනිය කියා සිටින්නේ පොදුජන පෙරමුණෙන් සහ මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් තම පක්ෂයට හානි සිදුවූ බවයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණයකට අපේක්ෂකයකු ඉදිරිපත් කරගැනීමට නොහැකි තරම් පහත් අඩියකට වැටී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත නඟාසිටුවීම සඳහා සුදුසු තීන්දුවක් ගන්නා ලෙසද කුමාරතුංග මහත්මිය සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියා.
(ඇයගේ එම සම්මුඛ සාකච්ඡාව අඩංගු වීඩියෝව පහතින්)

අපිට මහින්ද කෙනෙහිලිකම් කරා. අපි එජාපෙට කෙනෙහිලිකම් කරා. ඒත් අපිට එයාල එහෙම කරේ නෑ . ඒ නිසා අපි හංසයට..

Posted by Gossip99 on Wednesday, November 6, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here