Home Hit ගෝඨාභයගේ පාලන සමය පිළිබඳ වාර්තාව ඍණාත්මක බව TNA කියයි

ගෝඨාභයගේ පාලන සමය පිළිබඳ වාර්තාව ඍණාත්මක බව TNA කියයි

316

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට තම සහාය පළකිරීමට ගත් තීරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමට දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ සියලු පක්ෂවල නායකයන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (07) වැනිදා නිකුත් කෙරුණු මෙම නිවේදනයෙන් දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙන්නේ පොදුජන පෙරමුණ සහ එහි අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය පිළිබඳ ඇති වාර්තාව ඍණාත්මක එකක් බවයි.

පහරදීම්, මාධ්‍යවේදීන්, සාමාන්‍ය වැසියන්, ශිෂ්‍යයන්, මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්, පාර්ලිමේන්තු සාමාජිකයන් අතුරුදන්වීම් ආදී සිදුවීම් මෙන්ම ව්‍යවස්ථා සංශෝධනය මඟින් එවකට ධුරයේ සිටි ජනාධිපතිවරයාට කැමැති වසර ගණනක් එම ධුරයේ රැඳී සිටිමින් විරුද්ධ මත නොඉවසා කටයුතු කිරීමට ඉඩදීම ආදී කරුණු ගණනාවක් එම ඍණාත්මක බවට හේතු ලෙස දෙමළ ජාතික සන්ධානය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ පක්ෂවල නායකයන් වන ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අදයිකලනාදන් සහ ධර්මලිංගම් සිද්ධාර්තන් යන මහත්වරුන් තම නිවේදනය මඟින් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ කුමන කාර්යයක් වුවද විශිෂ්ට ලෙස කළ හැකි, සුපිරිසිදු චරිතයක් සහිත නායකයකු වන සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදෙන ලෙසයි.

(දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනය පහතින්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here