Home Uncategorized කීර්ති නාමයට හානි කළාට වන්දි ඉල්ලා මංගලට එරෙහිව නඩු දානවා-ගම්මන්පිල

කීර්ති නාමයට හානි කළාට වන්දි ඉල්ලා මංගලට එරෙහිව නඩු දානවා-ගම්මන්පිල

326

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විවාදයකට පැමිණන ලෙසට පාඨලී චම්පික රණවක හා මංගල සමරවීර යන මහත්වරුන්ට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යළිත් අභියෝග කරයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව මෙසේ ඔහු අදහස් පල කළේය.

“මිලේනියම් චැලේනජ් ගිවිසුම පිළිබඳ මාධ්‍ය හමු පවත්වමින් පාලු ගෙවල් වල වලං බිඳින්නේ නැතුව මා සමඟ විවාදයකට පැමිණෙන්නැයි මම මංගල සමරවීර මහතාටත් පාඨලී චම්පික මහතාටත් අභියෝගයක් ඉදිරිපත් කළා.

ඇයි මේ අභියෝගය භාර නොගන්නේ?

මංගල සමරවීර මහතා නම් ඊයේ කිව්වා මම පිටරටවල වංචා කරලා තියෙන නිසා මාත් එක්ක විවාදයකට එන්නේ නෑ කියලා.

මම පිට රටක කිසිම වංචාවක් කරලාත් නෑ, කළ බවට බොරු චෝදනාවක්වත් නෑ.

කිසිම වනචරකමත් ගැන හතුරෙක්වත් චෝදනා කරලා නෑ.

ඒ නිසා මගේ කීර්ති නාමයට හානි කිරීමට එරෙහිව මංගල සමරවීරගෙන් රුපියල් මිලියන 500ක වන්දියක්  ඉල්ලා මේ සතිය තුළ එන්තරවාසියක් යවලා අනිවාර්යයෙන්ම නඩු දානවා.

නොවැම්බර් 16ට පෙර මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට එන්න.

ඒ විවාදය මෙම ගිවිසුම ආශ්‍රිත කරුණුවලට සීමා කිරීමේ පොරොන්දුව මම ලබා දෙනවා.”

කෙසේ වෙතත් අදාළ ගිවිසුම සම්පූර්ණයෙන් අහෝසි කරන බවට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් ප්‍රකාශයක් කළ යුතු බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද අද අභියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here