Home Hit උඩුදුම්බර කාෂ්‍යප හිමියන්ගේ මාරාන්තික උපවාසය අවසන් කිරීමට උන්වහන්සේ තීරණය කරයි

උඩුදුම්බර කාෂ්‍යප හිමියන්ගේ මාරාන්තික උපවාසය අවසන් කිරීමට උන්වහන්සේ තීරණය කරයි

353

MCC ගිවිසුමට සිය විරෝධය පළකරමින් උඩුදුම්බර කාෂ්‍යප හිමියන් විසින් කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කරන ලද උපවාසය ඊයේ(5) රාත්‍රියේ අවසන් කිරීමට උන්වහන්සේ තීරණය කලා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලිපි දෙකක් ලබාදීමෙන් අනතුරුවයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපිය උන්වහන්සේ වෙත ලබාදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේඛම් තිස්ස අත්තනායක, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රවී ජයවර්ධන සහ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක යන මහත්වරුන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට පැමිණි අතර ලිපිය භාරදීමෙන් පසු සෙත් පිරිත් සජ්ජායනා කල අතර කාෂ්‍යප හිමි සිය උපවාසය එහිදී අවසන් කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here