Home Sports ඕස්ට්‍රේලියාවට කඩුළු 7ක ජයක්

ඕස්ට්‍රේලියාවට කඩුළු 7ක ජයක්

343

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුළු 7ක ජයක් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවති පළමු විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුන අතර දෙවන තරඟය ඊයේ (05) ඕස්ට්‍රේලියාවේ කැන්බරාහීදි පැවැත්වුනා

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දු වර 20දී කඩුළු 6ක් දැවී ගොස් ලකුණු 150ක් ලබා ගත් අතර ජයග්‍රාහී ඉලක්කය ඕස්ට්‍රේලියාව පන්දු වාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ගොස් තිබියදී ලබා ගත්තා

විස්සයි විස්ස ශ්‍රේණීගත කිරීම්වල පාකිස්තානය පළමු ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියාව පසුවන්නේ තුන්වන ස්ථානයේයි.

ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 1- 0ක් ලෙස ඕස්ට්‍රේලියාවපෙරමුණේ පසු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here