Home Hit පොළොන්නරුව දේශපාලන ආධාරකරුවන් පිරිසකට ප්‍රාහාරයක්

පොළොන්නරුව දේශපාලන ආධාරකරුවන් පිරිසකට ප්‍රාහාරයක්

335

පොළොන්නරුව බකමුණ ප්‍රදේශයෙහි පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියට සහභාගී වූ ආධාරකරුවන් පිරිසකට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්රදෙශිඅ සභා මන්ත්‍රීවරයකු විසින් පහරදුන් බවට චෝදනා කරමින් නීතිඥ යසස් ද සිල්වා මහතා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මේ සම්බන්ධව පොලිස් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති අතර මෙවැනි ප්‍රහාර නරක පූර්වාදර්ශයක් සපයන බව යසස් සිල්වා මහතා පවසයි.

පහර දී ඇත්තේ අම්බලන්තොට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට පිරිසරකට වන අතර පසුගිය ඉරිදා (04) සාප්පු කිහිපයකටද ගිනි තබා ඇති බව ඔහු පැවසීය.

සමහර විපක්ෂ කණ්ඩායම් ජනතාව බිය ගැන්වීම සඳහා ප්‍රචණ්ඩත්වය ඉතා පහත් මට්ටමකින් භාවිතා කිරීමට පටන් ගෙන ඇති බව සිල්වා මහතා කියා සිටියේය

2015 න් පසු ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තු ක්‍රමයක් සහ මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර මැතිවරණ කොමිසමට වැඩි බලතල ලබා දී ඇති බව නීතිඥවරයා සඳහන් කළේය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් සෑම තැනකම කටවුට්, පෝස්ටර් නොමැති බව ඔහු පැවසීය.

වැරදිකරුවන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස යසස් ද සිල්වා මහතා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here