Home Hit පළමු මනාපය අනුරට දී 2 මනාපය වෙනත් ඕනෑම කෙනෙක්ට දෙන්න – ලාල්...

පළමු මනාපය අනුරට දී 2 මනාපය වෙනත් ඕනෑම කෙනෙක්ට දෙන්න – ලාල් කාන්ත (Video)

598

ඉදිරි ජනාධිපතිවරණයේදී පළමු මනාපය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ලබා දී දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි වෙනත් අපේක්ෂකයෙකුට ලබාදෙන ලෙස එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ඉල්ලා සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටියේ දී පැවති ජන හමුවක් අමතමිනි.

ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගනු ඇතැයි කිසිවෙකුට බියක් ඇති නම් කළ යුත්තේ අනුර දිසානායක මහතාට පළමු මනාපයක් දෙවැනි වන මනාපය ගෝඨාභයට රාජපක්‍ෂ මහතාට විරුද්ධ වෙනත් ඕනෑම කෙනෙකුට ලබා දීම යයිද ඔහු පැවසීය.

රට නැගීමට වැඩපිලිවෙලක් හැකියාවක් ඇත්තේ තම අපේක්ෂකයා සතුව පමණක් යැයිද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here