Home Business සංචාරක ප්‍රවර්ධන ප්‍රධානී කිෂූ, ලොව විශාලතම සංචාරක ප්‍රදර්ශනයට නොයයි

සංචාරක ප්‍රවර්ධන ප්‍රධානී කිෂූ, ලොව විශාලතම සංචාරක ප්‍රදර්ශනයට නොයයි

664

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා මෙවර ලන්ඩනයේ පැවැති World Travel Market (WTM) සඳහා සහභාගි වීමෙන් ඉවත්වී තිබෙනවා.

ලොව විශාලතම සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන
World Travel Market සඳහා මෙම වසරේ ප්‍රමුඛ අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබූ අවස්ථාවක කිෂූ ගෝමස් මහතා ඊට සහභාගි නොවීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂිකා චාමරී මේල්ගේ මහත්මිය, ගෝමස් මහතා වෙනුවට ඊට සහභාගි වී තිබෙනවා.

පසුගිය 04 වැනිදා ලන්ඩනයේදී ආරම්භ වුණු World Travel Market, අද (06) දිනයෙන් අවසන් වීමට නියමිතයි. ඊට ලොව විවිධ රටවල සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රමුඛ පෙළ ආයතන රාශියක නියෝජිතයෝ සහභාගි වී සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here