Home Hit ඩොක්ටර් ෂාෆි සහ හිස්බුල්ලා ගැන කතා කලොත්, කතා කරලා බනිනවා – මහාචාර්ය...

ඩොක්ටර් ෂාෆි සහ හිස්බුල්ලා ගැන කතා කලොත්, කතා කරලා බනිනවා – මහාචාර්ය චන්න ජයසුමන

1751

ජාතික ව්‍යාපාරය ලෙස වසර 4ක කාලයක් තිස්සේ සංඝරත්නය පෙරටු කර ගනිමින් ජාතික අපේක්ෂකයෙක් පෙරට ගෙන ඒමට තමන් ක්‍රියා කල බවත් එම කාර්යය ඉටුකිරීමට ඔවුන්ට හැකි වූ බවත් “වියත් මඟ” සංවිධානයේ ක්‍රියාකාරියකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරනවා.

නමුත් නාමයෝජනා ලැබීමෙන් පසුව ඒතාක් දුරට එම අපේක්ෂකයාව රැගෙන ආ කිසිවකුගේ වටිනාකමක් දැන් ඔහුට නොමැති බවත් ජනාධිපතිවරණයෙන් පසුව දැනට යම් වටිනාකමක් ඇතිනම් එයත් නොමැති වන බවට මහාචාර්ය වරයා විශ්වාස කරන බව සඳහන් කරනවා.

මේ වන විට බොහොමයක් දෙනා පාර්ලිමේන්තුවේ සිටින 225ම ප්‍රතික්ෂේප කරමින් දැන උගත් අලුත් පරපුරක් ඊළඟ මැතිවරණයකදී ගෙන ඒමට අවශ්‍ය බව ප්‍රකාශ කර සිටියත් දැන උගත් පරපුරට නාම යෝජනා ලැබීම කෙසේ වෙතත් සමහර දිස්ත්‍රික්ක වල දැන් ඉන්නා පිරිස් වලට පවා නාම යෝජනා ලබා දීම ප්‍රශ්නයක් වී ඇති බව ඔහු පවසන්නේ දැන උගත් අලුත් පරපුරක ජනතා බලාපොරොත්තුව ඉටු නොවී නැවත වතාවක් පරණ කණ්ඩායමම එම අපේක්ෂකයා වටා එකතු වන අදහස ඇතිව බව පෙනී යයි.

තව දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය වරයා කියා සිටින්නේ ජනධිපතිවරණය නිසාම පසු ගිය කාලයේ තමන් විසින් වියත් මඟ වේදිකාවේ පෙරට ගෙන ආ කාරණා සම්බන්ධයෙන් මේ දින වල ඔහුට නිහඩව සිටීමට සිදුව ඇති බවයි. දොස්තර ශාෆි සම්බන්ධ සිද්ධිය, හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාමහතාගේ නැඟෙනහිර විශ්ව විද්‍යාලය සම්බන්ධව මේ දින වල ඔහුට කතා කල නොහැකි බවත් යම් හෙයකින් ඒ පිලිබඳ කතා කළහොත් දුරකථන ඇමතුම් වලින් ඔහුට බැනුම් ඇසීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

ඔවුන් ගත් තීරණය සම්බන්ධයෙන් නැවත නැවත සිතා බැලිය යුතු බවද මේ සාකච්ඡාව අතර තුර වියත් මඟෙහි පෙරටුගමියෙකු ලෙස ක්‍රියාකාරී වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහු අදහස් පළ කල වීඩියෝව පහතින් දක්වා ඇත.

හිස්බුල්ලා, ෂාෆි ගැන කිවුවොත් කොල් කරලා බනිනවා

හිස්බුල්ලා, ෂාෆි ගැන කිවුවොත් කොල් කරලා බනිනවා

Posted by Newshub.lk on Monday, November 4, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here