Home Hit වසරේ රග්බි කණ්ඩායමට හිමි සම්මානය ලෝක ශුර දකුණු අප්‍රිකාවට

වසරේ රග්බි කණ්ඩායමට හිමි සම්මානය ලෝක ශුර දකුණු අප්‍රිකාවට

318

ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ 2019 වාර්ෂික රග්බි සම්මාන උළෙලේදී වසරේ රග්බි කණ්ඩායමට හිමි සම්මානය ලෝක ශුර දකුණු අප්‍රිකාවට හිමිකර ගනියි.

දකුණු අප්‍රිකාව වසරේ රග්බි කණ්ඩායම බවට පත්වූයේ 2009 වසරින් පසුවයි.

ඒ වාගේම වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ද දකුණු අප්‍රිකාවේ පීටර් ස්ටීප් ඩූ ටොයිට් සමත් විය.

නවසීලන්තයේ ආර්ඩි සැවීයා, එංගලන්තයේ ටොම් කරි, අමෙරිකාවේ ජෝ ටවුෆේටේ වැනි ප්‍රබල ක්‍රීඩකයින් අභිබවා දකුණු අප්‍රිකාවේ පීටර් ස්ටීප් ඩූ ටොයිට් මෙවර වසරේ රග්බි ක්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගත්තේ ය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු වසරේ ක්‍රීඩකයා සම්මානය හිමිකරගත්තේ 2007 වසරෙන් පසුවයි.

2007 වසරේදී වසරේ ක්‍රීඩකයා සම්මානය දකුණු අප්‍රිකානු ක්‍රීඩක බ්‍රයන් හබානා හට හිමි වූ අතර රග්බි සම්මාන ඉතිහාසයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු තෙවරක් මෙම සම්මානය දිනාගෙන තිබේ.

මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම පුහුණුකරුට හිමි සම්මානය ද දකුණු අප්‍රිකානු පුහුණුකරු රසී ඉරාස්මස්ට හිමි වූ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here