Home Hit ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ සමුළුව අද කොළඹදී

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ සමුළුව අද කොළඹදී

458

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සමුළුව අද පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය කර තිබේ.

අද පස්වරු 2.00ට පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරුන් මෙන්ම සාමාජිකයින් ද විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

මේ අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (04) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සමුළුවට සහභාගි වන සංවිධායක වරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here