Home Hit කිසිඳු අපේක්ෂකයකුට ඉල්ලීම් 13ක් ඉදිරිපත් කරලා නෑ – සුමන්තිරන්

කිසිඳු අපේක්ෂකයකුට ඉල්ලීම් 13ක් ඉදිරිපත් කරලා නෑ – සුමන්තිරන්

389

ඉල්ලීම් 13ක් ගැන කිසිඳු දේශපාලන පක්ෂයක් සමඟ සාකච්චා කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කරනවා.

දෙමළ ජාතික සන්ධානයේ විශාලම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චිය මෙවර ජනාධිපතිවරණයේදී තම සහය පල කරන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතාට බව ප්‍රකාශ කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී සුමන්තිරන් මහතා මේ බව කියා සිටියා.

ඉලංගෙයි තමිල් අරසු කච්චිය මෙම තීරණය ගැනීමට හේතුව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අනෙක් පක්ෂ වලට දැනුම් දීම එම පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් විසින් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

සජිත් ප්‍රේමදාස මහතාට සහය වන්නේ “දෙමළ ජාතික සන්ධානය විසින් යොමු කරන ලද යෝජනා වලට සජිත් ප්‍රේමදාස මහතා සහය දක්වන බවට එකඟතාවයක පළකර තිබෙන නිසාද?” ලෙස මාධ්‍යවේදියකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුමන්තිරන් මහතා කියා සිටියේ තම සන්ධානය මධ්‍යයේ එම ඉල්ලීම් ගැන ප්‍රචාරය වීමට පෙර සිටම ජනාධිපති අපේක්ෂකයන් සමඟ සාකච්චා අරා තිබු බවත් එවැනි ඉල්ලීම් 13ක් කිසිඳු අපේක්ෂකයෙකුට යොමු නොකළ බවත්ය.

එම ඉල්ලීම් 13 වෙනම කාරණයක් බව ප්‍රකාශ කල මන්ත්‍රීවරයා සජිත් මහතාට සහය පල කරන්නේ එවැනි ඉල්ලීම් හෝ කොන්දේසි මත පදනම්ව නොවන බව ඒ මහතා තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

උතුරේ විශාලම දේශපාලන පක්ෂයේ සහාය සජිත්ට

උතුරේ විශාලම දේශපාලන පක්ෂයේ සහාය සජිත්ටයෝජනා 13ක් ගැන කියන කතාව බොරුවක්

Posted by Newshub.lk on Sunday, November 3, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here