Home Sports ඉන්දියාව බංග්ලාදේශයට පරාජය වෙයි

ඉන්දියාව බංග්ලාදේශයට පරාජය වෙයි

405

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හමුවේ අමිහිරි පරාජයක් ලැබීමට තරඟ 3කින් සමන්විත පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේදී ඉන්දියාවට සිදුවුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී කඩුළු 06 කට ලකුණු 148 ක් රැස්කළා. බංග්ලාදේශය කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 154 ක් රැස්කළේ පන්දුවාර 19.3 ක් තුළදීයි. පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ඉන්දියාව පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වනවා.

මෙම තරඟයට පෙර දෙරට අතර 20යි 20 ජාත්‍යන්තර තරඟ 8ක් පවත්වා තිබු අතර එම තරඟ 8ම ඉන්දියාව ජය ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here