Home Hit රණසිංහ ‌ප්‍රේමදාස වෙනුවෙන් ඔහුගේ පුත්‍රයා අපි ජනපති කරනවා – රාධා

රණසිංහ ‌ප්‍රේමදාස වෙනුවෙන් ඔහුගේ පුත්‍රයා අපි ජනපති කරනවා – රාධා

462

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දක්වන අය දේශප්‍රේමින් හැටියටත් සහයෝගය නොදක්වන අය දේශද්‍රොහින් හැටියටත් එම පක්ෂය හඳුන්වන බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම විශේෂ සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය සහ කඳුරට ජනතා පෙරමුණේ නායක වි රාධා ක්‍රිෂ්ණන්  මහතා පැවසිහ.

රාධා ක්‍රිෂ්ණන් අමාත්‍යවරයා එ බැව් කියාසිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා  ඊයේ  (03) හැටන් නගරයේ ක්‍රිස්ත්‍රියානි සංගම් ශාලාවේ පැවති රැස්විමක් අමතමිනි.

මෙම රැස්විමට විශේෂ ආරාධිතයා වශයෙන් කළුතර දිස්ත්‍රික් පා.ම සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහභාගි විය.

මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක්වු  රාධා ක්‍රිෂ්ණන් මහාතා,

“මේ රටේ ඉතිහාසයේ තිබුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් පමණයි.

අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අත් වි තිබෙන ඉරණම නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැක ගැනිමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත්  ප්‍රේමදාස මහතා සහයෝගය දක්වන්න තිරණය කරලා තියෙනවා.

වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදුන් දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාට කෘතගුණ සැලකිමක් වශයෙන් එතුමාගේ පුත්‍රයාව අපි රටේ ජනාධිපති කරන්න ඕනි.

දමිළ  ප්‍රගිතිශිලි සන්ධානය නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කල ඉල්ලිම් එතුමා මැතිවරණ ප්‍රකාශයට  ඇතුලත්  කරලා තියෙනවා.

අද ටි එන් ඒ එකත් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන්න තිරණය කරලා තියෙනවා කියලා මට තොරතුරු ලැබුණා.

සජිත් ප්‍රේමදාස මහතාව මේ රටේ ජනාධිපති කරන්න බහුතර සිංහල දමිළ මුස්ලිම් ජනතාව එක්රාශ්‍රි වෙලා ඉන්නවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

හැටන් රංජිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here