Home Hit පොහොට්ටුවට ඡන්දය දාන්න ගැබිණි මව් වරුන්ට දොස්තරගෙන් බලපෑම්

පොහොට්ටුවට ඡන්දය දාන්න ගැබිණි මව් වරුන්ට දොස්තරගෙන් බලපෑම්

378

රෝහල්වල ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මැතිවරණ හිංසනය පිළිබඳ අධීක්ෂණ මධ්‍යස්ථානය (CMEV ) කියා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාතෘ වාට්ටුවට ඇතුළත් කළ ගැබිණි මව්වරුන් කිහිප දෙනෙකුට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයකු බල කර ඇති බවයි

මෙවැනි අනවශ්‍ය ප්‍රචාරක කටයුතු වලක්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට හා පොදුජන පෙරමුණේ අපේක්ෂකට හා අදාළ නිලධාරීන්ව දැනුවත් කර ඇති බව මැතිවරණ හිංසනය පිළිබඳ අධීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

අනුරාධපුර රෝහලේ ගැබිණි මව්වරුන්ව පදනම් කරගත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අමතරව, කොළඹ මධ්‍යම රෝහලෙන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රවර්ධන පත්‍රිකා බෙදා හැරීමේ සිද්ධියක් වාර්තා වූ බව මැතිවරණ හිංසනය පිළිබඳ අධීක්ෂණ මධ්‍යස්ථානය (CMEV ) පවසනවා.

ඒ සම්බන්ධයෙන්ද කොළඹ මධ්‍යම රෝහලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට මැතිවරණ හිංසනය පිළිබඳ අධීක්ෂණ මධ්‍යස්ථානය (CMEV ) විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ඔවුන් ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here