Home Hit පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

466

අද දිනයේද පස්වරු 1න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පවතින වර්ෂාපතනයේ යම් වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වර්ෂාව පවතින අවස්ථාවල තද සුළංද ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here