Home Hit ඡන්ද සලකුණු කිරීමට පොලීසියේ වැඩි උනන්දුවක්

ඡන්ද සලකුණු කිරීමට පොලීසියේ වැඩි උනන්දුවක්

439

2019 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදත් සිදු කරයි.

ඒ අනූව පොලිස් නිලධාරින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල රාජකාරි කරනු ලබන තැපැල් ඡන්ද දායකයින්ට අද(04) සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අද පෙරවරුවේ පොලිසිය, දිස්ත්‍රික් සහ මැතිවරණ ලේකම් කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වුණි.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඔවුන්ට සිය සේවා ස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරිම පසුගිය මස 31 වනදායින් ආරම්භ වුණි.

ඒ අනුව පසුගිය මස 31 සහ 01 වනදා යන දිනයන්හි රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි රාජකාරියේ නියුතු තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය සලකුණු  කිරීමට අවස්ථාව හිමි වුණි.

අදාල දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරිමට හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව තම සේවා ස්ථානය පිහිටි  දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී එම ඡන්ද දායකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here