Home Politics අන්තවාදයට යළි ඉඩක් නෑ – ගෝඨාභය

අන්තවාදයට යළි ඉඩක් නෑ – ගෝඨාභය

319

සිය පාලනයක් යටතේ අන්තවාදි ත්‍රස්තවාදයට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනරැලි මාලාවේ කිරිඳිවැල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ පසුගිය ආණ්ඩුව සමයේ යුද්ධය අවසන් කළ පසුව එය නැවත ඇති නොවීමට ආරක්ෂක වැඩිපිලිවෙලක් ඇති කළ බවයි.

එම නිසා එම සමය තුල කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති නොවුන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව කෙරෙහි අවධානයක් යොමු නොකළ බවත් විදේශීය බලපෑම් වලට යටත් වෙමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

රණවිරුවන් අඩපන කරමින් බුද්ධි අංශ නිලධාරින් සිරගත කළ නිසා නැවත් මෙරට තුල බෝම්බ පිපිරීම් සිදු වු බවද ගෝඨාභය මහතා පෙන්වා එහිදී සඳහන් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here