Home Hit උතුරු නැඟෙනහිර සජිත් දිනවන්න රනිල් භාරගනියි

උතුරු නැඟෙනහිර සජිත් දිනවන්න රනිල් භාරගනියි

409

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර ඇති බව සඳහන් වෙනවා.

අග්‍රාමාත්‍යවරයා නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ උතුරු පළාත් සංවර්ධන අමාත්‍යවරයාද වශයෙන් කටයුතු කරන අතර එම ප්‍රදේශයන්හි නිවාස ඉදිකිරීම ඇතුළු යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වැනි සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පසුගිය කාලය තුළදී ක්‍රියාත්මක කොට ඇති අතර, ඒ සඳහා උතුරු නැගෙනහිර පළාත්වල දේශපාලන නායකත්වයද සම්බන්ධ කර ගෙන තිබේ.

මේ අනුව මෙම සති අන්තයෙහි එනම් ඊයේ සහ අද (02 සහ 03) දිනයන්හි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ සංචාරය කරමින් ජනතාව ඇමතීමට කටයුතු සම්පාදනය කොට ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි. ලබන සතියෙහි නැවතත් නැගෙනහිර පළාතේ ඡන්ද ව්‍යාපාරයෙහි නියැලීමටද අගමැතිවරයා විසින් සැලසුම් කොට ඇති බවට වාර්තා වෙනවා.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේද සහය ඇතිව නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් තරඟ වඳින එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උතුරු නැඟෙනහිර පළාත් වල ජයග්‍රහණය තහවුරු කිරීම බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here