Home Hit තැපැල් ඡන්දය සලකුණු කර එහි ඡායාරූප ගත් තිදෙනෙක් අත්අඩංගුවට

තැපැල් ඡන්දය සලකුණු කර එහි ඡායාරූප ගත් තිදෙනෙක් අත්අඩංගුවට

307

තැපැල් ඡන්දය සලකුණු කර එම පත්‍රිකාව ඡායාරූප ගත් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොළ, කැකිරාව, කටුගස්තොට යන ප්‍රදේශයන් වලදී මොවුන් අත්අඩංගුවට ගත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ.

අත් අඩංගුවට ගත තිදෙනාගෙ දෙදෙනෙක් ගුරුවරුන් බවත් අනෙක් පුද්ගලයා ගම්පොල පළාත් අධ්‍යාපන කාර්යාලයක මුරකරුවෙක් ලෙස රාජකාරි කර ඇති පුද්ගලයකු බවත් පොලීසය පවසයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත ඔවුන්ව මුදා හැර තිබේ.

මේ අතර ඡන්දය සලකුණු කර සමාජ මාධ්‍ය ජාලයන්ට යොමු කර ඒවා හුවමාරු කළ පුද්ගලයන් සොයා තවදුරටත් පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here