Home Hit 2019 ලෝක රග්බි ශුරතාවය දකුණු අප්‍රිකාවට

2019 ලෝක රග්බි ශුරතාවය දකුණු අප්‍රිකාවට

315

2019 රග්බි ලෝක කුසලානය හිමිකර ගැනීමට දකුණූ අප්‍රිකාව සමත් වුණි.

අවසන් මහා තරඟය පැවත්වුණේ ජපානයේ යොකොහමා හිදීය.

වේල්සය පරාජය කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් මහාතරඟයට සුදුසුකම් ලැබු අතර පසු ගිය ලෝක ශුරයන් වූ නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේය.

ඒ අනුව අද තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12ට 06ක්ලෙස දකුණූ අප්‍රිකාණු කණ්ඩායම ඉදිරියෙන් පසුවුණි.

දෙවන අර්ධයේදී දකුණූ අප්‍රිකාණු කණ්ඩායම තවත් ලකුණු 20ක් තම කණ්ඩායමට එක්කර ගනිද්දී එංගලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වුයේ තවත් ලකුණු 06ක් පමණි.

ඒ අනුව සම්පුර්ණ කාලය අවසන් වනවිට ලකුණු පුවරුව දැක්වුණේ ගෝල 32ට 12ක් ලෙස දකුණු අප්‍රිකාවට ජය ගෙන දෙමිනි.
දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයක් හිමි කරගත් තුන්වන අවස්ථාව මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here