Home Hit ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් පොලොන්නරුව සමාධි උයනට

ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් පොලොන්නරුව සමාධි උයනට

326

පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරුණු සමාධි උයනේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නිසැක බෝධි අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ පැවැත්විණි.

ඉකුත් පස් වසර පුරා ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් පුළුල් සංවර්ධනයකට ලක් කෙරුණු ඓතිහාසික පුලතිසි පුරවරයේ ජනතාවගේ පහන් සිතුවිලි අතිකරලීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත පොළොන්නරුව නව නගරයේ අසිරිමත් සමාධි උයන නිර්මාණය කර තිබේ. එහි පොළොන්නරුව බෞද්ධ සංගමයේ අනුග්‍රහයන් සමාධි උයන ඉදිකර අතීත ශ්‍රී විභූතියේ අසිරිමත් උරුමයන් වූ පූජනීය බෞද්ධ කලාකෘති සහ ඓතිහාසික ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේලා ප්‍රතිනිර්මාණය කර ඇත.

ජය ශ්‍රී බෝධින් වහන්සේ සමාධි උයන වෙත වැඩම කරවීම පොළොන්නරුව නව නගරයේ විද්‍යාලෝක විහාරස්ථානයේ සිට පනස් නමකට අධික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පෙරහැරකින් සිදු කෙරුණු අතර සෙත් පිරිත් සජ්ජායනා මාධ්‍යයේ බෝධි අංකුරය රෝපණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here