Home Hit 6වන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 164 දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය

6වන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 164 දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය

289

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ 6වන වාරිකය ලෙස අ.ඩො.මි.164ක් නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

තුන් අවුරුදු ව්‍යාපෘතියක් යටතේ 2016 වසරේ ජුනි මස 03 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහක මුදලක් ලබා දීමට එකඟතාව පල කරනු ලැබීය.

අදාළ ව්‍යාපෘතියේ අවසන් වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ලබාදීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුධය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටවනු ලැබීය.

කෙසේවෙතත් පසුගිය ජනවාරි මාසයේ මෙරට බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවලින් පසුව අදාළ ණය වාරිකය ලබාදීමට එකඟතාව පල කෙරුනු අතර ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය පසු ගිය මැයි මාසයේ නිදහස් කිරීමට අනුමැතිය හිමි විය.

ඒ අනුව මෙරට ආර්ථික කාර්යය සාධනය නිරීක්ෂණය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ 6වන වාරිකයවන අ.ඩො.මි.164ක් නිදහස් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here