Home Hit දෙරණ හිමිකරු දිලිත්, ගෝඨා සමඟ ජන්ද වැඩවල (PHOTOS)

දෙරණ හිමිකරු දිලිත්, ගෝඨා සමඟ ජන්ද වැඩවල (PHOTOS)

1191

දෙරණ ටීවී, දෙරණ එෆ් එම්, අරුණ පුවත්පත සහ සන්ඩේ මෝර්නින් යන මාධ්‍ය සියල්ල හිමි දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා අද (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මැතිවරණ ප්‍රචාරණ රැළි කිහිපයකට සහභාගී වී ඇතැයි වාර්තා වනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දිලිත් ජයවීර මහතා දීර්ඝ කාලීන හිතවතුන් වන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම්වරයාව සිටි සමයේදී දියත් කල “අපි වෙනුවෙන් අපි” ප්‍රචාරණ වැඩසටහනේ ප්‍රචාරක සමාගම ලෙස ක්‍රියා කලේද දිලිත් ජයවීර මහතාට අයත් ට්‍රයි ඇඩ් සමාගමයි.

අද දින ගනේමුල්ලේදී පැවති පොදුජන පෙරමුණේ රැලියක් අතරතුරදී කැමරා කාචයට හසුවූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෝටර් රථයේ දිලිත් ජයවීර මහතාද රැදී සිටින ජායාරූපයක් සමාජජාල තුල මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

මැතිවරණ සමයේදී මාධ්‍ය ආයතන හිමිකරුවකු එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරණ ක්‍රියාවල යෙදීම සදාචාර සම්පන්න නොවන බවයි සමාජජාල මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ මතය වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here