Home Hit සැබෑ “PAD MAN” අපේ “PAD MAN” අගයයි

සැබෑ “PAD MAN” අපේ “PAD MAN” අගයයි

614

තම බිරිඳගේ මාසික ඔසප් සනීපාරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කර එයට පිළිතුරක් සෙවූ ඉන්දියාවේ අරුණාචලම් මුරුගානන්දම් අවසානයේ නතර වුයේ, තම මාසික ඔසප් වීමේදී සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට නොහැකිව ලත වුන බොහොමයක් තරුණියන්ට සහනයක් වෙමින් “PAD MAN” යන අන්වර්ථ නාමයත් ලබා ගනිමිනි.

ජනාධිපතිවරණයක් අභියස සිටින ශ්‍රී ලංකා වැසියන්ට එතරම් හුරු පුරුදු නොවූ මෙම “PAD MAN” යන නාමය පසුගියදා හිටි හැටියේ දේශපාලන වේදිකා තුල අසන්නට ලැබුනේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තරුණියන්ට නොමිලේ සනීපාරක්ෂක තුා ලබා දීමට කටයුතු කරනවා කීමත් සමඟය. එය දේශපාලන වේදිකාවට අලුත් මාතෘකාවක් වූ අතර ප්‍රතිවාදී දේශපාලන මත දරන වේදිකා වල මෙම කතාව හාස්‍යට ලක් කරමින් බොහොමයක් අදහස් පළවන්නට විය.

නමුත් අද ඉන්දියාවේ සැබෑ “PAD MAN” නොහොත් අරුණාචලම් මුරුගානන්දම් DAILY NEWS පුවත් පතේ පල වූ ලිපියක් උපුටා දක්වමින් කියා සිටින්නේ

මෑතකදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඔසප් වීමේදී සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමක් ගැන කතා කළ අතර, කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන බවට පොරොන්දු වීම හේතුවෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඔහු තමන්ව පෑඩ්මන් ලෙස හැඳින්වීම ගැන සතුටු වන බව පැවසීම අගය කරමින් .තම නිළ ෆේස්බුක් ගිණුමට සටහනක් එක කර ඇත.

ලොව පුරා නායකයින් ඔවුන්ගේ රටවල සංවර්ධනය සඳහා ඔසප් සනීපාරක්ෂාව සහ කාන්තාවන්ගේ සෞඛ්‍යය පිළිබඳ වැදගත්කම වටහා ගැනීම යහපත් ප්‍රවනතාවක් බව සඳහන් කරන ඔහු ,නායකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ සම්බන්ධව විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්චා කර ඇති බවද ඔහු සටහන් කර තිබේ.

ජාතීන්ගේ නායකයින් ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ තානාපති බවට පත්වීමට කාලය ලෙස සඳහන් කරන අරුණාචලම් මහතා

මේ වන විට බංග්ලාදේශය ද සරණාගත කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පෙළඹී ඇති බව පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here