Home Hit වන ජීවින් නිසා හානියට පත්වූවන්ට විශේෂිත රක්ෂණ ක්‍රමයක් – සජිත්

වන ජීවින් නිසා හානියට පත්වූවන්ට විශේෂිත රක්ෂණ ක්‍රමයක් – සජිත්

349

කාලවකවානු සහිතව රටට සිදුවන්නා වු පාරිසරික, දේශගුණික හා වන ජීවී විපත් වලින් රට සුරක්ෂා කිරීම සදහා නිසි ක්‍රියාමාර්ග සිදුකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (1)වන පරිසර ප්‍රඥප්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් සදහන් කළේය.

මෙහිදි අදහස් දැක්වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

“පරිසර ජීවී ප්‍රඥප්තිය මේ රටේ පොදු ජන ප්‍රජාව සමග අත්සන් කරන වැදගත් සමාජ ගිවිසුමක්.ස්වභාවික සම්පත් සුරකිමින්, පාරිසරික සම්පත් ආරක්ෂා කරගනිමින්, තිරසර සංවර්ධන රටාවක් සහිත අපේ රට පරිසර නැඔුරුවක් තිබෙන ශක්ති සම්පන්න තිරසර දේශයක් බවට පත්කිරීම අපගේ බලාපො‌රොත්තුවයි.

පරිසර සංරක්ෂණ කේන්ද්‍රීය සමාජ සංරක්ෂණ හා පරිසර සංරක්ෂණ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර, දීර්ග කාලීනව අප රටේ උන්නතිය සදහා කටයුතු කිරීමට යොමුවෙනවා.රටේ පවතින අලි මිනිස් ගැටුමට තිරසර විසදුම් ලබා දෙන්න අප කටයුතු කරනවා.ජනාධිපති ලෙස විශේෂිත සංරක්ෂණ ව්‍යාපෘති තුනක් අපි ආරම්භ කරනවා.වන අලි සංරක්ෂණ ව්‍යාපෘතිය,කොටි යන් සදහා සංරක්ෂණ ව්‍යාපෘතිය,නිල් තල් මසුන් සදහා සංරක්ෂණ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති ඒවා.

රටේ අවදානමට ලක්වු ජිව ප්‍රභේද හා ජෛව පද්දති ආරක්ෂා කිරීමේ ප්‍රජා වැඩසටහන් හා රටේ වන උද්‍යාන කේන්ද්‍ර කරගෙන , ප්‍රජා සහභාගීත්ව වන ජිවි හා වන සංරක්ෂණ ජාතික සංරක්ෂණ සැලැස්ම අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.වන ජීවින් නිසා හානියට පත් වන පුද්ගලයින්ගේ සුභ සාධනය වෙනුවෙන් විශේෂිත වු රක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.සත්ව සුභ සාධනය වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සදහා නීති රීති රෙගුලාසි හදන්න බලාපොරෙජාත්තු වෙනවා.පාරිසරික සංරක්ෂණය හා දේශගුණික විපර්පර්යාස පිළිබද අවබෝධය ලබා ගෙන, අපේ පාරිසරික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා.වන සංරක්ෂණය සහ නැවත වන වගාව සදහා විශේෂිත වු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.මේ සියලු වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති කාර්යය සාධක බලකායක් අපි ස්ථාපනය කරනවා.ඒ තුළින් වන ජීවි සංරක්ෂණය,පාරිසරික සංරක්ෂණය,වන ගහනය වැඩිකිරීම යන ප්‍රමුඛතා ව්‍යාපෘති රටේ ජනාධිපති වරයාගේ පුර්ණ අධික්ෂණයෙන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.වන සංරක්ෂණය හා වන ජීවි සංරක්ෂණය සදහා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු රාජ්‍යය ආයතන වල සමාජිකයින්ට මානසික තෘප්තියකින් කටයුතු කල හැකි වාතාවරණයක් අපි ඇති කරනවා.” යනුවෙන් සඳහන් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here