Home Hit පාසල් සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය

පාසල් සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය

303

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා යොදාගැනීම කාලීන අවශ්‍යතාවක්ව පවතී.

ඒ සඳහා ලැප්ටොප් පරිගණක ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස පාසල් වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

ඒ අනුව, දිවයිනේ පළාත් නවයම නියෝජනය වන අයුරින් සෑම පළාතකින්ම එක් අධ්‍යාපන කලාපයක් බැගින් වන පරිදි තෝරාගත් 6 -11 ශ්‍රේණි සහිත ද්විතීයික පාසල් 665ක් වෙත මෙම ලැප්ටොප් පරිගණක ලබා දීමට පියවර ගැනේ.

මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති අතර, 2022 වර්ෂය වනවිට 6-11 ‍ශ්‍රේණි සහිත සියලුම පාසල් වෙත ලැප්ටොප් පරිගණක බෙදාහැරීමට කටයුතු යොදා තිබේ. එක් එක් පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පදනම් වූ පොදු ක්‍රමවේදයක් යටතේ මෙම ලැප්ටොප් පරිගණක ලබාදීමට නියමිතය.

ලැප්ටොප් පරිගණක ලබාදීමට අමතර ව ඒවා භාවිතය සඳහා අවශ්‍ය විදුලි ආරෝපණ පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ද, විදුලිය නොමැති පාසල් සඳහා විදුලිබල පහසුකම් ද ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here