Home Hit ඕස්ට්‍රේලියාවට පූර්ණ තරඟාවලි ජයග්‍රහණයක්

ඕස්ට්‍රේලියාවට පූර්ණ තරඟාවලි ජයග්‍රහණයක්

315

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (01) ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවැත්වුණ තුන්වන සහ අවසන් 20යි 20 තරඟයේ ජයත් හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

අද කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කන්ඩායම පන්දු වාර 20 අවසානයේ කඬුළු 6ක් දැවි ලකුණු 142ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 57යි.
අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 20යි.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කමින්ස් ලකුණු 23කට කඩුළු 2ක් ක් දවා ගත්තේය.

ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4කදී කඬුලු 3ක් පමණක් දැවී ලකුණු 145ක් ලබා ගනිමින් තරඟය පහසුවෙන් ජය ගත්තේය.

ඒ අනුව තරඟාවලිය 3 – 0 ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශුරතාව දිනා ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here