Home Hit සලකුණු කරපු තැපැල් ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍ය ජාල වල පළ ...

සලකුණු කරපු තැපැල් ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍ය ජාල වල පළ කිරීම දුෂ්ඨ වැඩක් – මැකෝ

369

අද දිනයේදී පැවැති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී ඇතැම් රාජ්‍ය සේවකයන් සලකුණු කළ ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ ප්‍රචාරය කර ඇති බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එසේ තම සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍ය ජාල වල පළ කරන ලද රාජ්‍ය සේවකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

අද(31දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසු මහින්ද දේශප්‍රිය මහතා එම රාජ්‍ය සේවකයන් මෙන්ම අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියා පිළිබඳවද තමන් කණගාටු වන බවත් එය යහපත් නොවන දුෂ්ඨ ක්‍රියාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here