Home Hit තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමියි

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමියි

309

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාර්ථකව සහ සාමකාමීව සිදුවුන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පෙරවරු 8.30 ට ආරම්භ වූ ඡන්ද විමසීම, පස්වරු 4.15 ට පමණ අවසන් වූවා .මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 659,514කි.

පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් හැර, අනෙක් සියලු රාජ්‍ය සේවකයින්ට අද සහ හෙට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතින අතර ලබන මස 4 සහ 5 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට පමණක් බව මැතිවරණ කොමිසම පවසා සිටියා.

එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වැනිදා සිය රැකියා ස්ථානය අදාළ වන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි වෙනවා.

මේ අතර තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් දහසක් පමණ පැෆරල් සංවිධානය මඟිනුත් නිරීක්ෂකයින් 200 පමණ කැෆේ සංවිධානය මඟිනුත් යොදවා ඇති බව වාර්ථා වෙනවා.

තැපැල් ඡන්දය නිරීක්ෂණයට ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ජංගම නිරීක්ෂකයින් 500 පමණ යොදවා ඇතැයි ද සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here