Home Hit මැක්ස්වෙල් ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙයි

මැක්ස්වෙල් ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙයි

360

තම මානසික සෞඛ්‍ය වෙනුවෙන් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් තීරණය කර තිබේ.

මැක්ස්වෙල්ගේ මෙම තීරණයට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයත්, ඔහුගේ වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමත් කැමැත්ත පල කර තිබේ.

ඒ අනුව හෙට (01දා) ශ්‍රී ලංකාව හා පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයට මැක්ස්වෙල් ක්‍රීඩා නොකරනු ඇත.

ඔහු නැවතත් ක්‍රිකට් පිටියට පැමිණීම පිළිබඳව ඉඟියක් ඔහු විසින් ප්‍රකාශ කර නොමැති බවද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව හා පැවැති පළමු විස්සයි20 තරගයේදී පන්දු 28කදී වේගවත් ලකුණු 62ක් වාර්තා කිරීමට මැක්ස්වෙල් සමත්වූයේය.

මේ වන විට 31 වන වියේ පසුවන මැක්ස්වෙල් මානසික සෞඛ්‍ය වෙනුවෙන් ‌වෛද්‍ය වරයෙක් හමුවීමට නියමිත බවද ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here