Home Hit ‘සජිත්ගේ සමාජ විප්ලවය’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද මහනුවරදී

‘සජිත්ගේ සමාජ විප්ලවය’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද මහනුවරදී

348

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (31) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ඒ, එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

”සජිත්ගේ සමාජ විප්ලවය” නමින් එය අද ජනගත කෙරෙන්නේ මහනුවරදීයි.

අද උදෑසන මල්වතු මහා විහාරයේදී ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු පාර්ශවයේ මහ නාහිමිපාණන්ට පිළිගැන්වීමට නියමිත අතර අනතුරුව අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහ නාහිමිපාණන්ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමට නියමිතයි.

පසුව උදෑසන 10.00ට ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමේ උත්සවය මහනුවර රැජිණ හෝටලයේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here