Home Hit “සජිත්ගේ විප්ලවයට” වෛද්‍ය පාදෙණියත් එක්වෙයි (PHOTO)

“සජිත්ගේ විප්ලවයට” වෛද්‍ය පාදෙණියත් එක්වෙයි (PHOTO)

934

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මේ වන විට මහනුවර ක්වීන්ස් හෝටලයේදී සිදුවෙයි.

“සජිත් සමාජ විප්ලවය” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ‌වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාද සහභාගී වී තිබෙනු දැක ගන්නට හැකි විය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන අවස්ථාවටද පාදෙණිය මහතා එක්වී සිටි අතර එය සමාජ මාධ්‍ය ජාලයන් වල හා සමාජය තුල ඉමහත් කතාබහට ලක්විය.

එම උත්සවය ආරම්භවීමට ප්‍රථමව සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නායක හිමිවරුන්ට පිළිගැන්වීමට කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here