Home Hit ”කිසිදු අන්තවාදයකට ඉඩක් නෑ, රටේ ඒකීයභාවය සුරකිනවා” – සජිත් ප්‍රේමදාස

”කිසිදු අන්තවාදයකට ඉඩක් නෑ, රටේ ඒකීයභාවය සුරකිනවා” – සජිත් ප්‍රේමදාස

516

ඒකීය රාජ්‍යය, භෞමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස, සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දෙමින්, සෙසු ආගම්, සෙසු ජාතින් සුරක්ෂා කරමින්,ස්වෛරී ජනතා පරමාධිපත්‍ය රජයන මාතෘ භුමියක් නිර්මාණය කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (31) මහනුවර ක්වීන්ස් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් සදහන් කළේය.

මෙහිදි අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස,

“පොදු ජනතාවට සෙත සලසන,සමස්ත ජනතාවගේ සෞභාග්‍ය උදෙසා මාතෘ භුමියේ උන්නතිය සදහා අද දිනයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකරනවා.

රටේ පුරවැසියාට මුලිකත්වය ලබා දෙමින්, මිනිස් සම්පත හා මාතෘ භුමිය මුදුන් පත් කරගත් විප්ලවීය සමාජ ආර්ථික, දේශපාලන වැඩපිළිවෙලේ මුලාරම්භය අප මේ සටහන් කරන්නේ.සමාජයේ ජිවත් වන සියලු ජාති,ආගම් කුල ,ගෝත්‍ර වලට අයත් සැම දෙනාගේම පැතුම ආර්ථික වශයෙන් ශක්තිමත්, දේශපාලන වශයෙන් තේජ වන්ත, සද්දන්ත රාජ්‍යයක්, මාතෘ භුමියක් නිර්මාණය වන්නේ කෙසේද?ඒ වැඩපිළිවල යථාර්ථය වන්නේ කෙසේද ?යන ප්‍රශ්නයෙන් සමස්ත ජනතාව පෙළෙන මොහොතක, මේ රටේ සමස්ත ජනතාවට නව ආලෝකයක් නිර්මාණය කරමින් සෑබෑ සමෘර්ධියක් හා සෞභාග්‍යක් අත් පත් කරදෙන්න මම කටයුතු කරනවා. 16 වනදා නිර්මාණය වන අලුත් යුගය තුළින්,අප ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රි ලංකාවේ නව පෙරලියක් ඇති කරන ගමනක් ආරම්භ කරනවා.අපේ මේ ව්‍යායාමය මනුෂ්‍යය ගුණාංගවලට මුල් තැන ලබා දෙමින් යන ගමනක්.

පරමාදර්ශි වැඩපිළිවලක් තුළ අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය කර තිබෙනවා.අප රටක් ලෙසින් වෙනත් රටක් හෝ රටවල් සමුහයක් ඉදිරියේ දණ නොනමන රටක් ලෙස ක්‍රියාකරනවා.විවිධ රටවල්, විවිධ පාර්ශවයන් රටේ අභ්‍යන්තර න්‍යාය පත්‍රයට ඇගිලි ගසන්න උත්සහ කරන විට, මම ප්‍රතිඥාවක් දෙනවා.රටේ ඒකීය රාජ්‍යය ,භෞමික අඛණ්ඩතාවය,දේශපාලන නිදහස,සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දෙමින් සෙසු ආගම්, සෙසු ජාතින් සුරක්ෂා කරමින්, සැබෑ ස්වෛරී ජනතා පරමාධිපත්‍ය රජයන මාතෘ භුමියක් අප නිර්මාණය කරනවා.

රටක පාලකයින් රටේ සින්නක්කර ඔප්පු සහිත පිරිස ලෙස කටයුතු කරනවා වෙනුවට අප මේ රටේ පාලකයින් ලෙස නොව ,ජනතා සේවකයින් ලෙසින් පොදු ජනතාව ඉදිරියේ පයට පෑගෙන දුවිල්ලක් ලෙස ක්‍රියාත්මකව සර්ව සාධාරණ ජනසමාජයක්,යුක්තිය ඉටු වනජන සමාජයක්,විශිෂ්ට නිදහස ක්‍රියාත්මක වන ජන සමාජයක්,ආර්ථික, සමාජීය ,සංස්කෘතික අයිතියට ප්‍රමුඛත්වය ලබා දෙන යුගයක් ඇති කරන්න අප කැපවෙනවා.පුරවැසියාට හිමි අයිතිවාසිකම් සෘජු හෝ වක්‍ර ආකාරයෙන් තමන්ගේ සුඛ විහරණය උදෙසා උපයා ගත් යුගය අප අවසන් කළා. ඒ ඇරඔු ගමන වඩා වර්ධනය කරමින් ඉදිරියේදි පරාර්ථ කාමි ජනතා සේවයක් ඇකි කිරීම වෙනුවෙන් අප කටයුතු කරනවා.ජනතාව වෙනුවෙන් උනන්දුවෙන්, ඕනෑකමින් කඩිසරව ක්‍රියාත්මක වන සංවර්ධන ක්‍රියාවලියක් ඇති කරනවා.ගුණාත්මක මාතෘ භුමියක් නිර්මාණය කිරිමේ ගමන අප දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී සිටිනවා. මේ රටේ 51.08%ක් වූ කාන්තා පරපුරට ඒ අයිතිය හා ශක්තිය අප ලබා දිය යුතුයි.අපේ රටේ ජිවනාලිය බදු තරුණ පරපුරට ඒ ශක්තිය අප ලබා දිය යුතුයි.දරුවෙකු උපත ලද විට , ළදරු කාලයේ සිට වැඩිහිටියෙක් වීම දක්වා ඒ සුරක්ෂිත භාවය අප තහවුරු කර යුතුයි.රටක් පෝෂණය වන්නේ රටක් උපදවන ,නිපදන ආර්ථිකයක් තුළ, එය පෙරලා පොදු ජනයාගේ සුභ සිද්දිය උදෙසා භාරකිරීම තාවකාලික පාලකයින්ගේ වගකීම.මේ රටේ පාලකයින් රටේ ජනතාවගේ බදු මුදලෙන් පෝෂණය වන යුගය අප අවසන් කළා.සැමට සෞභාග්‍යයත් සමග සමාජ සාධාරණත්වයත් ක්‍රියාත්මක වන අයුරින් අපි අපේ ජනතා සේවක ගමන ක්‍රියාත්මක කරනවා.

මේ ගමනේ ප්‍රධාන ඉලක්කය මෘතෘ භුමිය සෞභාගයක් කරා ගෙන යාම. ඒ සෞභාග්‍ය ජන සමාජයේ සියලු දෙනාට සමසේ බෙදී යන ආකාරයට ඇති කරනවා.දුෂණය ,වංචාව නිසා රටට අහිමි වෙන ආර්ථික ශක්තිය අප නවතා, දුෂණය හා වංචාව ප්‍රභලව පිටුදකිමින්, අප කටයුතු කරනවා.අප විනය ගරුක, යුක්ති ගරුක, ජන සමාජය තුළ ශ්‍රි ලංකා අනන්‍යතාවය ගොඩ නැගෙන වැඩ පිළිවලක් ක්‍රියාක්තමක කරනවා.රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීම ත්‍රස්තවාදයෙන් බැට කෑ මා හට අමුතුවෙන් කිව යුත්තක් නෙමෙයි.ඒ නිසා ත්‍රස්තවාදය නිසා පවුලේ සමාජිකයින් අහිමි වු පවුලේ සාමාජිකයින්ගේ දුක, කදුල මම හොදින් හදුනනවා.ජාතික ආරක්ෂාව ගොඩ නැගීම නව වැඩ පිළිවලක් ඇති කරනවා.

ත්‍රස්තවාදය පරාජය කරන්න යොමුවු සියලු රණවිරුවන් ඒ සදහා දායක කරගනිමින් ඔවුන්ට නායකත්වය මම සපයනවා.ත්‍රස්තවාදය විනාෂ කරනවා සේම, මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම විනාෂ කරන්න අපි ක්‍රමවේද සකසා තිබෙනවා.සියලු ආගම් ,ජාතින් වලට සුරක්ෂිත ආරක්ෂිත භාවය අප ලබා දෙනවා.සහෝදරත්වයෙන්, සංහිදියාවෙන් මිත්‍රශිලිව ජීවත්වීමේ පරිසරය අපි ගොඩනගනවා.ආගමික වේවා,ජාතී වේවා කිසිදු අන්තවාදයකට අපගේ මෘතෘ භුමියේ ඉඩක් තබන්නේ නැහැ.ජාතික එකමුතුව තුළින් සංහිදියාව තුළින්, මිත්‍රශිලීත්වය තුළින්, අපි ඒකීය ශ්‍රි ලංකාව තුළ උපරිම බලය බෙදා දීමක් ක්‍රියාත්මක කර, රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය ,භෞමික අඛණ්ඩතාවය ,ව්‍යවස්ථාවේ සදහන් වචන පමණක් නොකර,එය අපගේ මාතෘ භුමියේත්, මිනිස් හදවතෙත් ක්‍රියාත්මක වන උත්තුංග ක්‍රියාදාමයක් ලෙස ඇති කිරීමට කටයුතු කරනවා.අපි සැම එකට එකතුව සෞභාග්‍යමත් දේශයක් ගොඩ නගමු… පොදු ජනතාව රජකරන යුගය 16 වනදායින් පසු අප ක්‍රියාත්මක කරමු.”යනුවෙන් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here