Home Hit වී වලට පාර්ලිමේන්තු අණ පනත් මඟින් සම්මත රුපියල් 50ක සහතික මිලක්

වී වලට පාර්ලිමේන්තු අණ පනත් මඟින් සම්මත රුපියල් 50ක සහතික මිලක්

334

තම පාලනය යටතේ කෘෂි කර්මාන්ත ක්ෂත්‍රය සදහා අවශ්‍යය සියලු පහසුකම් ලබා දෙමින් වගා විප්ලවයක් ආරම්භ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (30)කින්නියා ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා.

“කෘෂිකර්මාන්තයේ නියැලෙන සියලු දෙනාට මම කියනවා නව වගා විප්ලවයට ලෑස්තිවෙන්න.අපි සමස්ත කෘෂි කර්මාන්ත ක්ෂත්‍රයටම නොමිලේ පොහොර ලබා දෙනවා.ඒ තුළින් රටේ ජාතික නිෂ්පාදනය ඉදිරියට ගන්නවා.විදේශ රටවලින් භව බෝග ආහාර අපේ රටට ගෙන්වනවා වෙනුවට ,අපේම ගොවි තැන තුළින් මේ රටේ ආහාර  අවශ්‍යයතාවය සියයට සියයක්ම සපුරා ගැනීමට කටයුතු  කරනවා.වී ගොවිතැනේ නියැලෙන අයට වී වලට රුපියල් 50 සහතික මිලක් ලබා දෙනවා.පාර්ලිමේන්තු අනපනත් මගින් එය නීත්‍යානුකූල මිලක් බවට පත්කරනවා.

රටේ ජීවත්වන සෑම පුරවැසියෙකුටම එක සමාන ලෙස සලකමින් ,එකම නීතියක් තුළ උස් ,පහත් භේදයකින් තොවර ආරක්ෂාව තහවුරු කරමින්, ඒකීය මාතෘ භුමියක් නිර්මාණය කරන්න අපි නායකත්වය ලබා දෙනවා.සහනාධාර ක්‍රමයට ධිවර ආම්පන්න උපකරණ ලබා දෙමින්,රටේ ක්‍රියාත්මක වන ධිවරයින් සම්බන්ධයෙන් නීති රීති ගැන සලකා බලමින් ඒ රුකියාව හොදින් කිරීමට අවශ්‍යය ශක්තිය අප ලබා දෙනවා.

ඉඩම් ගැටලුවලට මම විසදුම් ලබා දෙනවා. නිවාස ප්‍රශ්නයට 2025 වන විට විසදනවා. ඔවුන්ට ජීවත් වීමට අංග සම්පුර්ණ  පහසුකම් නිර්මාණය කරමින් ප්‍රශ්න වලට  විසදුම් ලබා දෙනවා.ස්වයං රුකියා කරන ප්‍රජාවට උපරිම සහයෝගය ශක්තිය ලබා දෙනවා.කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අපි ශක්තිමත් කරනවා.ජනාධිපති සංවර්ධන ඒකකයක් සෑම ප්‍රදේශිය ලේඛම් කොට්ඨාශයකම ඇති කරනවා.ඒ වගේම ඒ ඒකකයන් වලට  යොමුකරන ප්‍රදේශයේ ප්‍රශ්න වලට විසිහතර පැයක් ඇතුළත විසදුමක් ලබා දෙන්න මම කටයුතු කරනවා.

මේ රටේ තරුණ පරපුර අපේ රටේ අනාගතය.මේ ප්‍රදේශයේ යොවුන් පරපුර වෙනුවෙන් හැම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයකම ආවරණය නව ලෙස  තාක්ෂණ විද්‍යාල ආරම්භකර නැනෝ තාක්ෂණය,තොරතුරු තාක්ෂණය,යාන්ත්‍රික තාක්ෂණය,ඉංග්‍රිසි ඉගැන්වීමේ අවස්ථා ඇති කරනවා.හැම ප්‍රාදේශිය ලේඛම් කොට්ටාශයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා.ඒ තුළින් අපි මේ රටේ ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරනවා.සෑම ප්‍රදේශිය ලේඛම් බල ප්‍රදේශයක්ම ආවරණය වන ලෙසින් කර්මාන්ත පුරයන් අරම්භකරනවා.ආයෝජන රටට ගෙනවිත්, තරුණයින්ට ගමේම සිට ගමේම රැකියා කරන ආකාරයෙන් නව කර්මාන්ත විප්ලවයක් ඇති කරනවා.මේ රටේ නුතන කර්මාන්ත විප්ලවයට අපි නායකත්වය ලබා දෙනවා..

මේ රටේ ජාති වාදයට ආගම්වාදයට සජිත් ප්‍රේමදාස ඉඩක් තබන්නේ නැහැ.සුපිරිසිදු බෞද්ධයෙක් ලෙස දස රාජ ධර්ම කේන්ද්‍රකර ගෙන 16 වෙනිදායින් පසු මේ රටේ සියලු දෙනාගේ ජීවිතය සැපවත් කරන්න මම කටයුතු කරනවා.”යනුවෙන් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here