Home Hit ඕස්ට්‍රේලියාවට විස්සයි 20 තරඟාවලියේ ජය

ඕස්ට්‍රේලියාවට විස්සයි 20 තරඟාවලියේ ජය

270

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අද බ්‍රිස්බේන් හිදී පැවතී තරඟය ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 9කින් ජයගනු ලැබුවා.

පළමු තරඟය පරාජයට පත්වීමත් සමඟම මෙම තරඟය ජයග්‍රහණය කර තරඟාවලිය තුල රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන් අද බ්‍රිස්බේන් ක්‍රීඩා පිටියට කාසිය වාසිය දිනා ගැනීමෙන් පසු ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට එම බලාපොරොත්තුව තුල රැඳී සිටීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුන අතර පන්දු වාර 19ක් තුල ලකුණු 117ක් පමණක් ලබා සිටියදී ශ්‍රී ලංකානු පිති කරුවන් ක්‍රීඩාගාරයට යැවීමට ඔවුන් සමත් වූහ.

ලකුණු 118ක ඉලක්කයක් හබා ගෙන යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස නායක ආරොන් ෆින්ච් ලකුණු නොලබා දැවී යාමෙන් පසු පිටියේ එක් වූ ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් පන්දු වාර 13ක් තුල ලකුණු 119ක් ලබා ගනිමින් පහසුවෙන් තරඟය මෙන්ම 2-0ක් ලෙස තරඟාවලියද ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජයග්‍රහණය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here