Home Hit සජිත්ගෙන් පත්වීමක් ගන්න නම් කරන්න ඕන දේ ගැන සජිත්ම කියයි

සජිත්ගෙන් පත්වීමක් ගන්න නම් කරන්න ඕන දේ ගැන සජිත්ම කියයි

310

ජයග්‍රහණයෙන් පසු ලබා දෙන බවට මම සදහන් කර ඇත්තේ නීතිය හා සාමය අමාත්‍ය ධුරය පමණයි…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස
තමාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ලබා දෙන්නවා යැයි මේ වන විට සදහන් කර ඇත්තේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යය දුරය පමණක් බවත්,ඉදිරි පාලනයේදී වංචාව,දුෂණය,හොරකම,රටේ සම්පත් මංකොල්ල කෑම් සිදුකළ පුද්ගලයින්ට තනතුරු ලබා නොදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (30)දඔුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවේදී ප්‍රකාශ කළේය..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා
මෙවර ජනාධිපතිවරණ ජයග්‍රාහණයෙන් පසුව ලබා දෙනවා කියා අපි නම් කර තිබෙන්නේ එකම එක තනතුරයි.රටේ ජාතික ආරක්ෂාව,රටේ ආරක්ෂාව ගැන සලකා රටේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යය වරයා පමණයි මම තීන්දු කර තිබෙන්නේ.මම එය ලබා දුන්නේ පුද්ගල හිතවත් කමක් නිසා නෙමෙයි.රටට සේවය කළ ,යුද්ධය දිනපු සරත් ෆොන්සේකා මැතිතුමාට විතරයි.දක්ෂතාවය ,කුසලතාව හැකියාව නිපුනත්වය මත ඒ තනතුර භාරදුන්නේ.ඒ පත්වීම ආදර්ශයට ගන්න.ඉදිරියේදී මගේ අත්සනින් පත්වීමක් ගන්නව නම් එය තමයි මිනුම් දණ්ඩ.රට සුරාකාපු ,හොරා කපු කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාසගෙන් අත් සන් ලබා පත්වීමක් දෙන්නේ නැහැ.රට කෙලෙසූ,සුරා කෑ කිසිම කෙනෙක්ට නව රජය තුළ පත්වීම් නැහැ.දුෂණය ,වංචාව,හොරකම,රටේ සම්පත් මංකොල්ලා කාලා තියනවද යන්න සොයා බලා තමයි මම මගේ රජයේ පත්වීම් ලබා දෙන්නේ.”යනුවෙන් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here